Loading...

ලෝක වෙළෙඳපොළේ රිදී මිලේ දැවැන්ත වෙනසක්

ලෝක වෙළෙඳපොලේ රිදී අවුන්සියක මිල ඩොලර් 39.50ක් දක්වා වැඩිව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 2025 වසරේ දී රිදී මිල 36%කින් මිල ඉහළ ගොස් ඇති බවයි.

මේ අනුව අද (24) දිනයේ පමණක් 0.3%කින් ඉහළ ගොස් ඇති බව සඳහන්.

නවතම වාර්තා පවසන අයුරින් මෙම වසර තුළ රිදී අවුන්සයක මිල ඩොලර් 42 දක්වා ඉහළ යා හැකි බව වාර්තා වනවා.

එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ අමෙරිකාවේ තීරුබදු ප්‍රතිපත්තිය සමග රන්, රිදී, ප්ලැටිනම්, පැලේඩියම් වැනි ලෝහවලට ආයෝජකයින් බහුල ලෙස නැඹුරුව තිබෙන බවයි.

මේ හේතුවෙන් රිදී මිල ඉහළ ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් මෙම වසරේ රත්‍රන් මිල ඉහළගොස් ඇත්තේ 31%කින් පමණකිනි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *