Loading...

වලංගු වීසා බලපත්‍රයක් නැතිව ඩයනා ලංකාවේ හිටියේ කොහොමද හොයන්න යයි

ඩයනා ගමගේ මහත්මිය සංචාරක වීසා මත 2014 වසරේ දී ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ඇය මෙරට රැඳී සිටියේ කෙසේ දැයි සොයා බැලීමට ආගමන විගමන බලධාරීන් නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට තීරණය කර තිබෙනවා.

එක්සත් රාජධානි පුරවැසියෙකු වීම හේතුවෙන් ඒ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදු පුද්ගලයෙක් නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම හේතුවෙන් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය පසුගිය 9 වනදා අහිමි වුණා.

ඩයනා ගමගේ මහත්මිය එක්සත් රාජධානියේ පුරවැසිභාවය ලබා ගැනීමෙන් අනතුරු ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අහිමි වී ඇති බැවින් එය මෙරට නීතියට අනුව ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය පවත්වාගෙන යාමට ඇය අපොහොසත් වීම ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගයේ දී ඉදිරිපත් වූ සාක්ෂිවලින් අනාවරණය වුණා.

මේ වන විට පෙත්සමේ තීන්දුව සමඟ ශ්‍රී ලාංකික නොවන ඇය කිසිඳු වලංගු ලියවිල්ලක් නොමැතිව මෙරට ජීවිත් වුයේ කෙසේ දැයි යන ප්‍රශ්ණය මතුව තිබෙනවා.

ඒ අනුව ඇය වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැඳී සිටියේ කෙසේදැයි ආගමන විගමන බලධාරීන් සොයා බලන්නේ ද යන්න පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලකගෙන් මාධ්‍ය විසින් සිදුකළ විමසීමකදී ප්‍රකාශ කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *