Loading...

නාය යෑමේ අවධානම් නිසා අත්හැරපු අංකුඹුරේ නිවසක් ගිනි ගනී

නාය යෑමේ අවධානමක් හේතුවෙන් නිවැසියන් පිටව යෑම නිසා වසා දමා තිබුණු නිවසක් ගිනි ගැනීමට ලක්ව ඇති බව වාර්තා වනවා.

අංකුඹුර පොලීසියට අද (23) ලද පැමිණිල්ලකට අනුව සිදුකළ පරීක්ෂාවකදී එම නිවස තුළ පිළිස්සී මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුව තිබෙනවා.

ඒ අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොස් සිදුකළ පරික්ෂාවේ දී හඳුනාගත නොහැකි ආකාරයෙන් බරපතළ ලෙස පිළිස්සී ගිය මළ සිරුරු හමුව ඇති බව සඳහන්.

පසුගිය සමයේ පැවැති අධික වැසි තත්ත්වයක් සමඟ ඇති වූ නාය යෑමේ අවදානමක් හේතුවෙන් මෙම නිවසේ හිමිකරු වන W. C. සෙනවිරත්න යන පවුලේ අය සමඟ නිවසින් පිටව මීගමුවේ පදිංචි ඔහුගේ දියණියගේ නිවසට ගොස් ඇති බව මුලික පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබෙනවා.

ගින්නෙන් නිවසට ද දැඩි අලාභ හානි සිදුව ඇති බව සඳහන්.

මෙය ඝාතනයක් ද නැත්නම් සියදිවි නසා ගැනීමක් ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙකුගෙන්ම පොලීසිය ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

අංකුඹුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *