Loading...

අධිවේගී මාර්ගවල ආදායමත් ඉහළට

අධිවේගී මාර්ගවල ආදායම 10% කින් පමණ ඊයේ (11) දිනයේ දී ඉහළ ගොස් තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ අද (12) සිට ලබන 15 වන දින දක්වා අධිවේගී මාර්ගවල ආදායම සැලකිය යුතු මට්ටමකින් ඉහළ යා හැකි බවට පුරෝකතනයක් සිදුකළ හැකි බවයි.

මේ අතර ප්‍රධාන මාර්ගයේ දෛනික ගමන් කරන දුර ගමන් සේවා වාරවලට අමතරව පසුගිය 10 වනදා සිට අප්‍රේල් 15 දක්වා සාමාන්‍ය දුර ගමන් දුම්රිය සේවා හැර අතිරේක දුම්රිය 12ක් ධාවනයට එක්කර තිබෙනවා.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ බදුල්ල දක්වා දුම්රියන් 02ක්, බදුල්ල සිට කොළඹ දක්වා දුම්රියන් 02 ක්, ගාල්ල දක්වා දුම්රියන් 02ක්, ගාල්ල සිට කොළඹ දක්වා දුම්රියන් 02ක්, බෙලිඅත්ත දක්වා දුම්රියන් 02ක් හා බෙලිඅත්ත සිට කොළඹ දක්වා දුම්රියන් 02 ක්ද වශයෙන් එම දුම්රියන් ගමන් වාර ක්‍රියාත්මක වන බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *