Loading...

ජල පරිභෝජනය ඉහළට

රටපුරා පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජල පරිභෝජනය 10% ත් 15% අතර අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කියා සිටියේ ජල පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් උස් ප්‍රදේශවලට දිවා කාලයේ දී ජල සැපයුම අඩාල වීම හෝ නොලැබී යාම සිදුවිය හැකි බවයි.

මේ වන විටත් ජලය නොලැබීයාම හා අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය ලැබීමවලට අදාළව ලැබෙන පැමිණිලි 30%කින් ඉහළ ගොස් තිබෙනවා.

කෙසේ නමුත් උපරිම ධාරිතාවයකින් ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇති බවයි එම මණ්ඩලය පවසන්නේ.

මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා ජලය භාවිතයෙන් වැළකී අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන මෙන් ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවයි ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *