Loading...

,

ශූරයින්ගේ කුසලාන තරඟාවලියේ දී පාකිස්ථානය ගත් දැඩි තීරණය නිසා ලංකාවට ආපු සුපිරි චාන්ස් එක මෙන්න

2025 වසරේ පාකිස්ථානයේ දී පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලිය පිළිබඳව මාස කිහිපයක සිට පැවැති අර්බුධකාරී තත්ත්වය මේ වන විට සම්පුර්ණයෙන්ම සමථයකට පත් කරගැනීමට සියලු පාර්ශවලට හැකියාව ලැබී තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අද (19) පස්වරුවේ මේ බව නිවේදනය කළා.

ඒ අනුව 2027 වසර දක්වා ඉන්දියාවේ දී හා පාකිස්ථානයේ දී පැවැත්වීමට නියමිත ICC තරඟාවලියන්හි ඉන්දියාව හා පකිස්ථානය අතර පැවැත්වෙන තරඟ වෙනත් රටකදී පැවැත්වීමට අදාළ යෝජනාවට ICC අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

අදාළ ක්‍රමවේදයට පාකිස්ථානයේ පැවැත්වීමට නියමිත 2025 ශූරයින්ගේ කුසලාන තරඟාවලියට, ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට, ඉන්දියාවේ දී හා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත 2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට යොදා ගැනීමට නියමිතව ඇති.

2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව ද සම සත්කාරකත්වය දරන බැවින් එම තරඟාවලියේ දී පැවැත්වෙන ඉන්දු – පාකිස්ථාන තරඟ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මීට මුලික වටය, අවසන් පුර්ව හා අවසන් මහා තරඟය ද ඇතුළත් වනු ඇති.

ඉන්දියාවේ දී හා පාකිස්ථානයේ දී පැවැත්වීමට අනෙක් තරඟාවලියන්හි ඉන්දු පාකිස්ථාන තරඟ පැවැත්වෙන රට එම තරඟාවලියේ සත්කාරක රට (ඉන්දියාව හෝ පාකිස්ථානය) විසින් තීරණය කරනු ලබන අතර ඊට ICC අනුමැතිය ද අවශ්‍ය වනවා.

ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේ ශූරයින්ගේ කුසලාන තරඟාවලියේ දී ඉන්දු පාකිස්ථාන තරඟ පැවැත්වීමට යොදා ගන්නා අනෙක් රට ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යය හෝ ශ්‍රී ලංකාව යොදා ගැනීමට නියමිතව ඇති බවයි.

පෙබරවාරි මසදී පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ තරඟ කාලසටහන ඉදිරි දින කිහිපය තුළදී නිවේදනය කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර 2028 කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ද පාකිස්තානයට පිරිනැමීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

එම තරඟාවලිය සඳහා ද මෙම දෙමුහුන් ක්‍රමවේදය යොදා ගනු ඇති.

පාකිස්ථානයේ පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලාන තරඟාවලිය සඳහා සහභාගීවීමට සිය කණ්ඩායම එරටට පිටත්ව නොයන බව ඉන්දියාව ප්‍රකාශ කිරීම සමඟ ශූරයින්ගේ කුසලාන තරඟාවලිය පැවැත්වීම පිළිබඳව දැඩි අවිනිශ්චිත බවක් හටගනු ලැබුවා.

පළමුව පාකිස්ථානය දෙමුහුන් ක්‍රමවේදය ප්‍රතික්ෂේප කළ අතර පසුව ඊට එකග වූයේ එය රටවල් දෙකටම සමානාත්මතාවයක් ඇති වන පරිදි සිදු කිරීමට අවශ්‍ය බවට කොන්දේසියක් ඉදිරිපත් කිරීමක් ද සිදු කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *