සුබසාධන ප්රතිලාභ මණ්ඩලය හරහා රුපියල් ලක්ෂ 5000කට මදක් අඩු මුදලක් අතිරේක වශයෙන් ගෙවීමක් සිදුව ඇති බවට Free Lawyers සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එම සංවිධානය පෙන්වා දෙන්නේ අදාළ අතිරේක මුදල් ගෙවීම සම්බන්ධව පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් සිදුකරන ලෙසයි.
සංවරණ හා තුලන පද්ධතිය Checks and Balances ක්‍රමවේදයකින් තොරව සිදුවන රාජ්‍ය මුදල් පරිහණය අපරාධයක්, දුෂණයක්, වංචාවක් බවද අදාළ ලිපිය මඟින් අවධාරණය කර ඇති අතර, 148 ව්‍යවස්ථාව යටතේ මුදල් බලය හිමි පාර්ලිමේන්තුව වෙතින් පහත ප්‍රශ්න සඳහා වහා පිළිතුරු සොයා ගත යුතු බව Free Lawyers සංවිධානය අවධාරණය කර යුතු වනවා.
1.අප්‍රේල් මාසයේ මුදල් ලැබිය යුතුව තිබූ පවුල් ලක්ෂ 18 ක ට ආසන්න ප්‍රමාණයෙන් කොපමණ සංඛ්‍යාවකට නියමිත ප්‍රමාණයට වැඩි මුදලක්/ද්විත්ව ගෙවීම් ලැබී තිබේ ද?
2.කෑගල්ල, මොණරාගල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ද්විත්ව ගෙවීම් සිදු කර ඇති ප්‍රමාණය පිළිබඳ මේ දක්වා විමර්ශනයක් ආරම්භ කර තිබේ ද?
3. දෙවරක් මුදල් (Double Payment) නියමිත ප්‍රමාණයවට වැඩි මුදලක් (Additional Payment/Extra Payment) ගෙවනු ලැබ ඇති මුලු ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව කොපමණ ද?
4.අස්වැසුම් ලාභීන් වෙත නියමිත ප්‍රමාණයවට වැඩිව කිසිදු සොයාබැලීමකින් තොරව, වගකීම් විරහිත ලෙස නිකුත් කරනු ලැබ ඇති මුළු මුදල් ප්‍රමාණය කොපමණ ද?
5.සුභසාධක මණ්ඩලයේ මුල්‍ය බලතල පැවරීමේ ක්‍රමවේදය/කාර්ය පටිපාටියට පිටින් මෙම මුදල් ගෙවීම සිදු කළ නිලධාරීන් කවුද?
6.සුභසාධක මණ්ඩලයේ මණ්ඩලයේ කටයුතු සඳහා දේශපාලන පත්වීමක් ලෙස අනියුක්ත කර ඇති නිලධාරීයා/නිලධාරීන්/කොමසාරිවරයා කවුද?
7.දේශපාලන පත්වීම් ලැබ මේ සා විශාල මුදලක් නාස්තිය/අයථා පරිහණය/දුෂණය සිදු කළ සිදුවීම පිළිබඳ මේ වන විට විධිමත් අධිකාරියක් යටතේ මුලික විමර්ශනයක් පවත්වා තිබේ ද?
8.මෙම කාර්යයට සම්බන්ධ වූ නිලධාරීන් වෙත මු.රෙ. 135 යටතේ මුල්‍ය බලතල පැවරීමක් සිදු කර තිබේ ද? එසේ බලතල පැවරූ නිලධාරියා/බල අධිකාරිය කවුද?
9.භාණ්ඩාගාරය විසින් මෙම අතිරේක මුදල් නිකුත් කිරීම පිළිබඳ මුලික විමර්ශනයක් සිදු කර තිබේ ද? එසේ නම් එයට වගකිව යුතු භාණ්ඩාගාර නිලධාරීන් හදුණාගෙන තිබේ ද?
10. එසේ නොවේ නම් මෙය තවත් මෙයත් හැකර් ප්‍රහාරයක් ද? අත්වැරදීමක් ද? එසේත් නැතිනම් මුදල් අමාත්‍යාංශය, මහා භාණ්ඩාගාරයට අත්දැකීම් රහිත, කාර්යාලීය ක්‍රමවේදයන් පිළිබඳ කිසිදු දැනුමක් අවබෝධයක් නොමැති දේශපාලන පත්වීම් සිදු කිරීමේ ප්‍රතිඑලයක් ද?








Leave a Reply