Loading...

මෙරට සයිබර් පනත ශක්තිමත් කරන්න රජයේ අවධානය

ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව සඳහා වන පරිගණක අපරාධ පනත කාලයට ගැලපෙන අයුරින් තවදුරටත් ශක්තිමත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ සයිබර් අපරාධ වැඩිවීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි.

සයිබර් අපරාධවලට අදාළ සිදුවීම් කිහිපයක් පසුගිය දින කිහිපයේ මෙරටින් වාර්තා වුණා.

ඒ සම්බන්ධව විදේශිකයෝ විශාල පිරිසක් ද රිමාන්ඩ් භාරයේ පසුවුණා.

මෙරට සයිබර් ආරක්ෂාව සඳහා වන වඩාත්ම තීරණාත්මක නීතිය වන්නේ 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනතයි.

එමඟින් අනවසරයෙන් ඇතුළු වීම සහ දත්ත සොරකම් කිරීම පිළිබඳව නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට ප්‍රතිපාදන සලසා තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *