Loading...

රජයට සම්බන්ධ සමාජ මාධ්‍යවලින් සංවිධානාත්මකව බුදුදහම විනාශ කරනවා – එජාපය

භික්ෂූ විනය සම්බන්ධව පියවර ගත යුතු ආකාරය සම්බන්ධව ක්‍රමවේදයක් ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය සඳහන් කරන්නේ ඊට අදාළ කැබිනට් පත්‍රිකා සකසා ඒවා මහනායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයට ඉදිරිපත් කර ඉන්පසුව තීරණ ගත යුතු බවයි.

සියල්ල ඉදිරියට ගෙන යා යුත්තේ රටේ පවතින සම්ප්‍රදාය අනුව බවද ඔවුන් පෙන්වා දෙනවා.

එජාපය එම නිවේදනයෙන් පවසන්නේ රජයට සම්බන්ධ සමාජ මාධ්‍ය මඟින් ශාසනයත්, බුදු දහමත් විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩසටහනක් අද ක්‍රියාත්මක කරගෙන යන බවත් ඊට සිවිල් සමාජයේ කොටසක් ද සම්බන්ධ කරගෙන සිටින බවත්ය.

හැම විටම අද වන විට බෞද්ධ පැවිදි – ගිහි මතය කොන් කිරීමක් බවද අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන් වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *