පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණ දීම සඳහා රජයේ සේවකයින්ට ලබන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව සඳහන් කළා.
තවද අනෙක් වැඩකරන සතියේ දින 4දී ද කොපමණ සේවකයින් ප්‍රමාණයක් සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍ය ද යන්න සම්බන්ධව අවශ්‍ය තීරණය ගැනීම පිළිබඳව රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අවසර ලබාදී ඇති බව වාර්තා වනවා.
ඔහු එහිදී පැවසුවේ සියලු රාජ්‍ය උත්සව කටයුතු තාවකාලිකව නවතා දැමීමට ද තීරණය කර ඇති බවයි.
ඊට අමතරව අවශ්‍ය පරිදි Zoom තාක්ෂණය ඔස්සේ විශ්ව විද්‍යාලවල දේශනා කටයුතු කිරීමට අවසර ලබාදී තිබෙනවා.
ඉන්ධන හිඟයක් රට තුළ නොමැති නමුත් QR ක්‍රමවේදයේ යම් ගැටළු තත්තවයක් පවතින බැවින් එය ඉතාමත් ඉක්මණින් විසඳීමට කටයුතු කරන බවද ඒ මහතා පවසනවා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ රට තුළ මසකට සරිලන ඉන්ධන ප්‍රමාණයක් පවතින බවත් තවත් ඉන්ධන නැව් 4ක් මෙරටට පැමිණෙන බව තහවුරු කර ඇති බවත්ය.








Leave a Reply