උත්සව සමයේ දී හිඟයකින් තොරව ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් වෙත ලබාදීමේ කටයුතු අද (08) සිට ආරම්භ කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ එම සමාගම මේ බව දැනුම් දී ඇති බවයි.
වෙළෙඳ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි අදාළ නීතිමය කටයුතු සම්බන්ධව සමාඟම දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.
හම්බන්තොට වරායට ලාෆ්ස් ගෑස් මෙට්‍රික් ටොන් 7000ක් රැගත් නෞකාවක් පසුගිය 6 වනදා දිවයිනට පැමිණ ඇති බව එම ලාෆ්ස් ගෑස් සමාගම පසුගියදා නිවේදනය කළා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන්නේ එම ගෑස් තොග ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයින් සඳහා අද (08) දිනයේ සිට බෙදා හැරීමට පියවර ගන්නා බව එම සමාගම දැනුම් දුන් බවයි.








Leave a Reply