Loading...

රන් මිල තවත් පහළට

පසුගිය සති කිහිපයකට සාපේක්ෂව මෙරට රන් මිල රුපියල් ලක්ෂ 3 නේ සීමාවට වඩා පහළ ගොස් තිබෙනවා.

මේ අනුව කැරට් 22 රන් පවුමක අද (28) මිල රු 298000ක් ලෙස දැක් වුණා.

මෙරට රන් මිල පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා දිනට සාපේක්ෂව රුපියල් 81000කින් පහළ ගොස් තිබුණා.

පසුගිය ඔක්තෝබර් මස 17 වන සිකුරාදා කැරට් 22 රන් පවුමක මිල රුපියල් 379200ක් ලෙස දැක්වුණා.

මේ අතර වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඔක්තෝබර් 17 වනදා රුපියල් 410000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල අද වනවිට රු. 322,000ක් දක්වා පහළ ගොස් ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *