Loading...

රත්රන් සබ්‍රිගේ පාර්ලිමේන්තු සේවය තහනම් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්‍රි රහීම් මහතාගේ පාර්ලිමේන්තු සේවය මාසයක කාලයක් අත්හිටුවීමට ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද (06) සම්මත වී තිබෙනවා.

ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කමිටුවේ නිර්දේශයක් මත අද (06) දින සිට මාසයක කාලයක් සඳහා මෙම අත්හිටුවීම ක්‍රියාත්මක වීමට නියමිතයි.

ඊට අදාළ යෝජනාව සභා නායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

පසුගිය වසරේ මැයි මසදී රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිතා කරමින් රුපියල් කෝටි 7ක වැඩි වටිනා රත්රන් සහ ස්මාට් ජංගම දුරකථන නීති විරෝධීව රැගෙන ඒමට කටයුතු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු වැරදිකරු වුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *