Loading...

GMOA සංගමයෙන් හෙට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට (17) දිනයේ දී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කර තිබෙනවා.

2026 වසරට අදාළ ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අයවැය තුළින් සෞඛ්‍ය සේවාවේ සහ වෛද්‍යවරුන්ගේ ගැටළු නිසියාකාරව විසඳීමට අපොහොසත් වීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට තීරණය කර ඇති බව සඳහන්.

එම සංගමය පැවසුවේ මේ සම්බන්ධයෙන් රජයේ පාර්ශවයන් දැනුවත් කළ බවත් ඊට සාධනීය ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹීමට පියවර ගත් බවයි.

මේ අනුව හෙට (17) සිට උදෑසන 8 සිට දිවයින පුරා පිහිටි රෝහල්වල මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පැවසුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *