රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද (06) පෙරවරු 8 සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.
එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතපාල මහතා කියා සිටියේ ලබන බ්‍රහස්පතින්දා අමාත්‍යවරයා සමඟ සිය ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදීම පදනම් කර ගනිමින් සිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවයි.
මේ අනුව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (06) විදෙස්ගත වන අතර ඔහු නැවත දිවයිනට පැමිණීමෙන් අනතුරුව ලබන බ්‍රහස්පතින්දා අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව සඳහන්.
දේශපාලන මැදිහත්වීම් මත වෛද්‍යවරුන්ගේ ස්ථානමාරුවීම් සිදු කිරීම නැවත්වීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩ වර්ජනය ආරම්භ කර තිබුණා.








Leave a Reply