Loading...

ග්ලෙන් මැක්ස්වෙල් එක්දින ජාත්‍යන්තර පිටියට සමු දෙයි

ඕස්‍ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක ග්ලෙන් මැක්ස්වෙල් වහාම ක්‍රියාත්මක වන පරිදි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව නිවේදනය කර තිබෙනවා.

කෙසේ නමුත් ජාත්‍යන්තර විස්සයි විස්ස තරඟ පිටියේ තවදුරටත් තමා රැඳී සිටින බවද ඔහු පවසනවා.

ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ග්ලෙන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ලෝක කුසලාන දෙකක් ජයග්‍රහණය කිරීමට විශාල දායකත්වයක් ලබාදුන් ක්‍රීඩකයෙකි.

36 හැවිරිදි ග්ලෙන් මැක්ස්වෙල් ඕස්ට්‍රේලියාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරඟ 149කදී ලකුණු 3990ක් ලබාගෙන තිබෙනවා.

2023 එක්දින ලෝක කුසලාන තරඟ මාලාවේ දී ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ඔහු නොදැවී වාර්තා කළ ද්විත්ව ශතකය එක්දින ක්‍රිකට් වංශ කතාවේ ඉතා විශිෂ්ඨ ඉනිමක් ලෙසද සැලකෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *