කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නේවාසික වීසා කාලය උල්ලංඝනය කරමින් සිටින ලාංකිකයන්ට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව එරට රැඳී සිටින සහ තම සේවා ස්ථානවලින් පළා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට දඩ ගෙවීමකින් සහ නීතිමය බාධාවලින් තොරව එරටින් පිටව යාමට අවස්ථාව හිමි වෙනවා.
කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාන්දීපන් බාලසුබ්‍රමනියම් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම පොදු සමා කාලය මාර්තු 17 වනදා සිට ජුනි 17 වනදා දක්වා ක්‍රියාත්මක බවයි.
මේ වන විට කුවේට් රාජ්‍යය තුළ දැනට වීසා නොමැතිව නීතිවිරෝධී ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් 19620ක් පමණ සිටින බව නිල වාර්තා අනුව සනාථ වී තිබෙනවා.
ඒ අතරින් පිරිසක් ශ්‍රී ලංකාව වෙත පිටත්ව යාම සඳහා ශ්‍රී ලාංකිකයන් 5000ක පමණ පිරිසක් තම තානාපති කාර්යාලයේ ලියාපදිංචි වී සිටින බව ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
Leave a Reply