Loading...

ඉන්ධන තොග මැයි මස දක්වා ඇනවුම් කරලා තියෙනවා – ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

අප්‍රේල් සහ මැයි මස දක්වා ඇනවුම් කර ඇති ඉන්ධන තොග ලැබීමේ ප්‍රමාදයක් ඇති නොවනු බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

එම සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා අද (01) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ අද ඉන්ධන ඉන්දියාවෙන් සහ සින්ගප්පුරුවෙන් ලැබීමට නියමිත බවයි.

මේ හේතුවෙන් මැදපෙරදිග ඇතිව තිබෙන ගැටුම්කාරී තත්ත්වය මෙරට ඉන්ධන සැපයුමට බාධාවක් නොවනු ඇති බවද ඔහු පවසනවා.

“අපි මේක කියන්නේ වගකීමක් සහිතව. ඒ නිසා පෝළීම්වල ඉන්න එකේ තේරුමක් නැහැ. අපි අද (01) තෙල් බෙදාහරින්න නෙවෙයි හිටියේ. ජනතාව තෙල් පරිභෝජනය කරන නිසා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු කරන සියලු සේවකයන් අපි සේවයට කැඳෙව්වා. දැන් තෙල් නිකුත් කිරීම ආරම්භ කළා. ඒ වගේම හෙට (02) පෝය දිනයක් වුණත්, ‌තෙල් සැපයුම් කරනවා.

අපි සියලුම පිරවුම්හල්වලට කියලා තියෙනවා බූලිවලට තෙල් සපයන්න එපා කියලා. බූලිවලට තෙල් අරන් ගිහින් අලෙවි කරන්න උත්සහ කළොත්, අපි නීතිය ක්‍රියාත්මක කරනවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *