Loading...

ඉන්ධන මිල පහළට – පෙට්‍රල් 92 රු.414යි – ඔටෝ ඩීසල් රු.382යි

ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන වර්ග කිහිපයක මිල පහළ දැමීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර, එහි නව සිල්ලර මිල රුපියල් 414ක් ලෙස දැක්වෙනවා.

එමෙන්ම, ලංකා සුදු ඩීසල් (ඔටෝ ඩීසල්) ලීටරයක මිල රුපියල් 25කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 382ක් වනවා.

කෙසේ වෙතත්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල්, සුපර් ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදු කර නොමැති බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ.

මේ අතර, සිපෙට්කෝ ඉන්ධන මිල සංශෝධනයට සමගාමීව ලංකා IOC සහ සයිනොපෙක් සමාගම් ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව, එම සමාගම් ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් සහ ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 25කින් පහළ දමා ඇති බව සඳහන්.

මෙම සංශෝධන අනුව දැනට ක්‍රියාත්මක සිපෙට්කෝ සිල්ලර ඉන්ධන මිල ගණන් යටතේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 414කටත්, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 382කටත් අලෙවි කෙරෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *