ශ්‍රී ලංකාවෙන් පැමිණි බවට සැලකෙන ISIS ත්‍රස්ත්‍රවාදී සැකකරුවන් සිව්දෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එරට මාධ්‍ය වාර්තා කරන්නේ ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් අහමදාබාද් ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනාගෙන් මේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්ණ කරන බවද ඉන්දීය ආරක්ෂක අංශ පවසනවා.
කෙසේ වෙතත් ඔවුන් එම ගුවන්තොටුපොළට පැමිණ ඇත්තේ කුමක් සදහා ද යන්න මේ දක්වා අනාවරණය වී නැහැ.








Leave a Reply