Loading...

වැලිගම සභාපති ඝාතනයට සිව් දෙනෙක් අත්අඩංගුවට

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධව සැකපිට පුද්ගලයින් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (26) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ කැකිරාව ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීමට සිදුකර ඇති බවයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවක් ද සිටින බවද සඳහන් වනවා.

මේ අතර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයට ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා එල්ල වී ඇති තවත් සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැලිගම පොලීසියේ නිලධාරීන් විසින් ගාල්ලේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව සඳහන්.

මේ අනුව ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *