Loading...

හිටපු ජනපති රනිල්ට ඉහළ අධිකරණයක නඩු දානවා – නීතිපති අධිකරණයට දැනුම් දෙයි

රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවතින විමර්ශන මාසයක් තුළ අවසන් කර ඉහළ අධිකරණයක නඩු පවතින බව නීතිපතිවරයා කොටුව මහේස්ත්‍රාත්වරයා අධිකරණයට ඊයේ (19) දැනුම් දුන්නා.

අදාළ නීති කෘත්‍යයට අදාළව තමන්ට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෝසමක් මඟින් කර තිබූ ඉල්ලීම ඊයේ (19) සලකා බැලු අවස්ථාවේ නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මේ බව අධිකරණයට දැනුම් දී තිබෙනවා.

මෙම නඩුවට අදාළව තමන් එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීම සඳහා ඊයේ (19) මෙම නඩුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවා තිබුණා.

කෙසේ නමුත් නඩුවේ විමර්ශන කඩිනමින් අවසන කරන බව පැමිණිලිකාර පාර්ශවය විසින් අධිකරණය හමුවේ පැවසීම හේතුවෙන් සිය සේවාදායකයාට එරෙහිව පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කර තිබූ ඉල්ලීම ඉවත් කර ගැනීම හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පියවර ගනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *