හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ලබන 12 වනදා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදෙන ලෙස එම කොමිසම විසින් දැනුම් දීමක් කර තිබෙනවා.
ඔවුන්ට මෙම දැනුම් දීම කර ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් සිදුකරනු ලබන 2013 ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළ විමර්ශනවලට අදාළවයි.
2013 වසරේ දී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර් බස් A 330 ගුවන් යානා 06ක් සහ A 350 වර්ගයේ ගුවන් යානා 08ක් මිලදී ගැනීමේ දී අමෙරිකානු ඩොලර් මිලියන 2ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් බවට එවක ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක මහත්මියට චෝදනා එල්ල වුණා.
ඒ සම්බන්ධව අල්ලස් පනත සහ දූෂණ විරෝධී පනත ප්‍රකාරව සිදු කරන විමර්ශනයකට අදාළව සැකකාර කපිල චන්ද්‍රසේන පසුගිය මාර්තු 12 වනදා අල්ලස් කොමිසමේ අත්අඩංගුවට ගැනුණා.
පසුව මැයි 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මෙහිදී එයාර් බස් ගණුදෙනුවෙන් අල්ලස් වශයෙන් ලැබුණු මුදල් සැකකාර කපිල චන්ද්‍රසේන මහතා විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහ හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට ලබාදී තිබෙන බව අනාවරණය වී ඇති බව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.
මේ අනුව 2015 වසරේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ ඉල්ලීමකට අනුව රුපියල් මිලියන 20 බැගින් අවස්ථා තුනකදී රුපියල් මිලියන හැටක් බෙලිඅත්ත නිවසේ සහ කාල්ටන් නිවසේ දී මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන් බවට සැකකරු විසින් ප්‍රකාශ කර ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට දිනුම් දී තිබුණා.








Leave a Reply