Loading...

නතාෂාව අත්අඩංගුවට ගැනීම සම්බන්ධව හිටපු ස්ථානාධිපති කණගාටු වෙයි

බුදු දහමට අපහාස කළේ යැයි කියමින් එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ ප්‍රහසන ශිල්පිනියක වන නතාෂා එදිරිසූරිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝනක අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද (19) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කණගාටුව පළකර තිබෙනවා.

මෙම කණගාටුව පළකිරීමට අදාළ ලිපියක් ද රජයේ නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කළා.

ඔහු මෙහිදී පැවසුවේ එයට අමතරව මෙම පනත යටතේ අත්අඩංගුවට ගැනීමේ දී සිදු විය හැකි අනීතිය ක්‍රියා වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු උපදෙස් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීමට පොලිස්පතිවරයා තීරණය කර ඇති බවයි.

ඉන්පසුව අනතුරුව පෙත්සම් විභාගය අවසන් කිරීමට ද අධිකරණය නියෝග කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *