Loading...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඔහු අද (05) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට භාර වූ අවස්ථාවේදීයි.

සතොසට අයත් ලොරි රථයක් අවභාවිතා කරමින් රජයට මුල්‍ය පාඩුවක් සිදුකළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශන සිදුකරමින් තිබුණා.

එම සිදුවීමට අදාළව හිටපු අමාත්‍යවරයාට අද (05) පෙරවරුවේ එම විමර්ශන කොට්ඨාසය සඳහා පෙනී සිටින ලෙස දන්වා තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *