Loading...

දක්ෂිණ අධිවේගීයේ සේවා පියස පාරිභෝගික අධිකාරියේ නිලධාරීන්ගේ පරික්ෂාවට

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් පිරිසක් විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පියසේ ආහාර අධික මිලට අලෙවි කරන ලද වෙළඳසැල් කිහිපයක් ඊයේ (08) වටලනු ලැබුවා.

අදාළ අධිකාරියේ නිලධාරීන් වෙත ලැබුණු පැමිණිල්ලකට අනුවයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

මෙම සේවා පියසේ බොහෝ වෙළෙඳසල්වල මිල ප්‍රදර්ශනය නොකර අධික මිලට ආහාර අලෙවි කරන ආකාරය වැටලීම සිදුකළ නිලධාරීන්ට දැකගත හැකිව තිබෙනවා.

එහිදී වැටලීම සිදුකරන ලද නිලධාරීන් අදාළ වෙළෙඳසැල්වලට දැඩිව අවවාද කර ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *