Loading...

ජනපතිවරණ සටනට ෆොන්සේකාත් ඉදිරිපත් වෙයි

2024 ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් වීමට තීරණය කර තිබෙනවා.

සිය නිල X ගිණුමේ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇති බව සඳහන්.

වසර 76ක් පුරා විවිධ දේශපාලන කණ්ඩායම් රට බංකලොත්භාවය කරා රැගෙන ගොස් ඇති බවද ඔහු සිය නිවේදනයේ සටහන් කර තිබෙනවා.

දුෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ අවශ්‍යතාව පෙන්වා දෙන ඔහු සිය X ගිණුමේ #CrushCorruption ලෙස හෑෂ් ටැග් සටහනක් තබා ඇති බවද වාර්තා වනවා.

ෆොන්සේකා මහතා පෙන්වා දෙන්නේ ස්වාභාවික සම්පත් යොදා ගනිමින් රටේ ආදායම වර්ධනය කර ගැනීම අවශ්‍යතාවය ඇති බවයි.

සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඔහු ඉල්ලා සිටින්නේ රට ඉදිරියට ගෙන යාම සඳහා තමන්ට සහාය දක්වන ලෙසයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *