Loading...

ෆොන්සේකා යන්න කලින් පක්ෂයෙන් එලවීමේ සුදානමක්

සමඟි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ සරත් ෆොන්සේකා මහතා පක්ෂයේ ඉවත්වීමට සැරසෙන බවට ආරංචි පැතිරෙන බැවින් ඊට පෙර ඔහු පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවයි.

කෙසේ නමුත් පක්ෂයේ තවත් සමහර නායකයන් ප්‍රකාශ කර ඇතැයි පැවසෙන්නේ ඒ මහතා පක්ෂයෙන් ඉවත්ව යනවා නම් එලෙස යාමට ඉඩ දිය යුතු බවයි.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් සිදු කරමින් සමඟි ජන බලවේගයේ නායකත්වය නිර්දය ලෙස විවේචනය කරනු ලැබුවා.

ෆොන්සේකා මහතා නුදුරේදීම ළඟදීම ආණ්ඩුවට සම්බන්ධ වන බවට මේ දිනවල ආරංචි පැතිරෙමින් ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *