සමඟි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා වෙත ලොව ආරක්ෂක අංශයේ ඉහළම නිලය වන මාර්ෂල් තනතුරක් ළඟදීම පිරිනැමෙනු ඇති බවට ඉරිදා ජාතික පුවත්පතක තොරතුරු වාර්තා වනවා.
මෙලෙස තරු හයේ ජෙනරාල්වරයෙක් ලෙස සැලකෙන මාර්ෂල් තනතුර ඔහුට ලැබෙන්නේ රජයෙන් ෆොන්සේකා මහතා කරන ලද ඉල්ලීමක් අනුවයි.
උතුරේ යුද ජයග්‍රහණය සඳහා කරන ලද කැප කිරීමක් සලකා 2015 යහපාලන ආණ්ඩුව විසින් ෆොන්සේකා මහතාට ෆීල්ඩ් මාර්ෂල් තනතුර ලබා දුන්නා.
ඒ අනුව මෙවර ඔහුට ලබාදීමට යෝජිත ඇත්තේ මාර්ෂල් ධුරයයි.
මීට පෙර ලොව ප්‍රකට දේශපාලන නායකයන් හා හමුදා නායකයන් ගණනාවකට මෙම තනතුර ලබාදී තිබෙනවා.
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ජෝර්ජ් වොෂින්ටන්, රුසියාවේ හිටපු නායක ජෝෂප් ස්ටාලින්, යුගෝස්ලාවියාවේ හිටපු ජනාධිපති මාර්ෂල් ටිටෝ, චීනයේ හිටපු නායක මාවෝ සේතුං, උතුරු කොරියාවේ හිටපු නායක කිම් ඉල්සුං, ජර්මනියේ හිටපු යුද නායකයකු වන හර්මන් ගෝරිං ඇතුළු ඉහළ පෙළේ නායකයන් රුසක් මිට පෙර මාර්ෂල් පදවියෙන් පිදුම් ලබාදී ඇති බව සඳහන්.
Leave a Reply