Loading...

ගංවතුර පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කරයි

ගංවතුර සඳහා සුදානම් වීමේ පූර්ව අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් සිදුකර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව ඊයේ (07) රාත්‍රී 11ට පමණ මෙම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කවල පිහිටි ගංගා ද්‍රෝණිවල ගංවතුර තත්ත්වයක් අවදානමක් පවතින බවයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේවන විට පුරෝකතනයන්ට අනුව ඌව, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද සහ උතුරු පළාත්වල පිහිටි ගංගා ද්‍රෝණිවල වැඩි වර්ෂාපතනයක් ලැබීමට ඉඩක් ඇති බැවින් එම තත්ත්වය ඇති විය හැකි බවයි.

මේ හේතුවෙන් අදාළ දිස්ත්‍රික්කවල පිහිටි ගංගා නිම්න ආශ්‍රිත පහත්බිම්වල හා ගංගා ආසන්නයේ ජීවත් වන ජනතාව දැඩි අවධානයෙන් පසුව සිටින ලෙසද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *