Loading...

FIFA කුසලානය – සත්කාරක අමෙරිකාව සහ මොරොක්කෝව ඉදිරියට

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ මෙරට වේලාවෙන් අද (20) අලුයම අවසන් වූ තරග දෙකකදී සත්කාරක අමෙරිකාව සහ මොරොක්කෝව ජයග්‍රහණ වාර්තා කරමින් තරගාවලියේ ඉදිරි වට සඳහා තම ස්ථානය ශක්තිමත් කර ගැනීමට සමත් වුණා.

අමෙරිකාව මෙම ජයග්‍රහණයත් සමඟ පිළිමළුන් පිටුදැකීමේ (අවසන් 32) වටයට ස්ථානය වෙන්කර ගැනීමට සමත් වූ අතර, මොරොක්කෝවද දෙවැනි වට බලාපොරොත්තු ඉහළ නංවා ගනු ලැබුවා.

අමෙරිකාව ඉදිරියේ ඔස්ට්‍රේලියාවට 2-0 පරාජයක්

සියැටල්හිදී පැවැති තරගයකදී ඔස්ට්‍රේලියාව ගෝල 2-0කින් පරාජය කරමින් සත්කාරක අමෙරිකාව විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කළා.

තරගයේ ආරම්භක අවස්ථා තුළම ගෝල ලබා ගැනීමට අමෙරිකාව සමත් වූ අතර, 11 වැනි මිනිත්තුවේදී ඔස්ට්‍රේලියානු ක්‍රීඩක කැමරන් බර්ගස් අතින් සිදුවූ අත්වැරැද්දක් හේතුවෙන් අමෙරිකාවට පළමු ගෝලය (Own Goal) හිමි වුණා.

ඉන් අනතුරුව 43 වැනි මිනිත්තුවේදී ඇලෙක්ස් ෆ්‍රීමන් වාර්තා කළ ගෝලයත් සමඟ අමෙරිකාව ජයග්‍රහණය තහවුරු කළා. තරගයේ ගෝල දෙකම පළමු අර්ධය තුළ වාර්තා වීම විශේෂත්වයකි.

මෙම ජයත් සමඟ අමෙරිකාව මෙවර තරගාවලියේ අඛණ්ඩ දෙවැනි ජයග්‍රහණය වාර්තා කළ අතර, ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හිද ඉහළට පැමිණීමට සමත් විය.

මොරොක්කෝව ඉදිරියේ ස්කොට්ලන්තය පරාජය වෙයි

C කාණ්ඩය යටතේ පැවැති තරගයකදී ස්කොට්ලන්තය ගෝල 1-0කින් පරාජය කරමින් මොරොක්කෝව ද තරගාවලියේ වැදගත් ජයග්‍රහණයක් වාර්තා කළා.

තරගය ආරම්භ වී දෙවැනි මිනිත්තුවේදීම ඉස්මයිල් සයිබාරි වාර්තා කළ ගෝලය තරගයේ තීරණාත්මක මොහොත බවට පත් වූ අතරදෙවැනි භාගයේදී දෙපාර්ශවයටම අවස්ථා හිමිවුවද, ශක්තිමත් ආරක්ෂක ක්‍රීඩා රටාව හේතුවෙන් ගෝල ලබා ගැනීමට අවස්ථාවක් හිමි වූයේ නැහැ.

මේ ජයත් සමඟ මොරොක්කෝව අවසන් 32 වටයට සුදුසුකම් ලබා ඇති අතර, ස්කොට්ලන්තයේ ඉදිරි වට බලාපොරොත්තු දැඩි ලෙස අවදානමට ලක්ව තිබෙනවා.

මෙම තරග දෙකම තරගාවලියේ ඉදිරි වට සඳහා තීරණාත්මක වාතාවරණයක් නිර්මාණය කර ඇති අතර, ඉදිරි තරග තවත් උණුසුම් වනු ඇති.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *