Loading...

රජයට හා අයවැයට විරෝධය දක්වමින් ගොවින්ගෙන් විරෝධතාවක්

සිය ගැටළුවට සාධාරණ විසඳුම් ලබා නොදුන් බවට සහ අයවැයෙන් ගොවියා නොසලකා හැර ඇතැයි චෝදනා කරමින් ගොවීන් අද (10) කෘෂි කටයුතුවලින් ඉවත්ව තිබෙනවා.

වැලිමඩ සහ ඌව පරණගම ඇතුළු ප්‍රදේශ රැසක ගොවීන්ගෙන් සැදුම්ලත් ගොවි සංවිධාන අද (10) පෙරවරුවේ කැප්පෙටිපොළ නගරයේ දී විරෝධතාවයක ද නිරත වුණා.

දේශීය අර්තාපල් සහ ලොකු ලූනු අස්වනු නෙලීම මේ වන විට ආරම්භ කර ඇතත් අර්තාපල් සහ ලොකු ලූනු සඳහා නිසි මිලක් නොමැති බව සඳහන් පසුගිය කිහිපයේ දීම ගොවින් විරෝධතාවන් පැවැත්වුණා.

තමා අස්වනු නෙළන සමයේ දීම අර්තාපල් සහ ලොකු ලූනු ආනයනය කිරීමෙන් රජය ගොවියා අසරණ කළ බවද ඔවුන් එහිදී චෝදනා කළා.

ගොවින් විරෝධතාව දක්වමින් පැවසුවේ සිය අස්වනු අලෙවි කර ගැනීම සහ ඒවාට මෙවර අයවැයේ දී කෘෂිකර්මාන්තය සඳහා ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොමැති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *