සඳුදා (24) දිනයෙන් ආරම්භ වූ ඉකුත් සතිය තුළ අධිවේගී මාර්ගවල ගමන් ගත් වාහනවලින් රුපියල් කෝටි 40කට අධික ආදායමක් ලැබී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව ඉකුත් 24 වනදා සිට 30 වනදා දක්වා වූ කාලය තුළ දක්ෂිණ අධිවේගී මාර්ගය, කොළඹ පිටත වටරවුම් මාර්ගය, කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ධාවනය වී ඇති මුළු වාහන සංඛ්‍යාව 1,095,895කි.
මේ අතර එළඹි දින පහක නිවාඩු කාලය තුළ පමණක් අධිවේගී මාර්ගවලින් රුපියල් කෝටි 35කට අධික වාර්තාගත ආදායමක් උපයා ගැනීමට හැකිවූ බව ද මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.







Leave a Reply