Loading...

ජන්දය භාවිතා කිරීමට පෙර මෙය කියවන්න

මේ දිනවල ලංකාවේ ජනප්‍රියම මාතෘකාව වන්නේ ලග ලගම එන ජනාධිපතිවරණයයි. හරියටම බැලුවොත් මැතිවරණයට ඉතිරිව ඇත්තේ තව දින 5ක් වගේ ඉතාම පොඩි කාලයක්. නිතරම දේශපාලන වේදිකාවල වගේම මැතිවරණ  විද්වතුන්ගේනුත් නිතර කියවෙන දෙයක් තමයි මෙවර ජනාධිපතිවරණය , අපි සරලව කියුවොත් 2024 ජනාධිපතිවරණය ලංකාවේ එතෙක් මෙතෙක්  ක්‍රියාත්මක වෙන තීරණාත්මක ම මැතිවරණය කියන එක. ඒකට විශේෂ හේතු කිහිපයක්  තියෙනවා.  එනම්, මෙවර තමයි ලංකාවේ දිගම ඡන්ද පත්‍රිකාව මුද්‍රණය වෙන්නේ. එකට හේතුව තමයි මේ පාර ඉතිහාසයේ පළමු වතාවට අපේක්ෂකයින් 39 දෙනෙකු ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීම. ඒ වගේම තමයි මේ ජනාධිපතිවරණයේ නීතිමය විශේෂතාද කිහිපක් තිබීම. එනම්,

  • මැතිවරණ වියදම් නියාමන පනත යටතේ පවත්වන ප්‍රථම මැතිවරණය
  • දුෂණ විරෝධී පනත යටතේ පවත්වන ප්‍රථම මැතිවරණය
  • දේශීය ආදායම් පනතේ  නියෝග යටතේ පවත්වන ප්‍රථම මැතිවරණය
  • අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන ප්‍රථම මැතිවරණය
  • 2021 අංක 22 දරන චන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ  පනත යටතේ පවත්වන ප්‍රථම මැතිවරණය
  • 2023 අංක 21 දරන 1 මැතිවරණ පනත යටතේ පවත්වන ප්‍රථම මැතිවරණය

යන කරුණු කාරණයි.

ඒ වගේම මෙවර මැතිවරණය කියන්නේ ජනතා අරගලයකින් පසුව වගේම විශාල ආර්ථික පරිහානියක් , ආර්ථික අර්බුදයක් හමුවේ රට විශාල ලෙස බංකොලොත් වීමෙන් පසු පැවැත්වෙන පළමු මැතිවරණය. ඒවගේම තවත් විශේෂම කරුණක් තමයි දැනට රටේ ඉන්නේ අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක්. ඉතින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙක් යටතේ සිදුවන මැතිවරණයක් ලෙසත් මෙම ජනාධිපතිවරණය විශේෂ වෙනවා. ඉතින් මේ හැම සිද්ධියකින්ම , නැත්තම් හැම කරුණකින්ම නැවත නැවත ඔප්පු වෙන්නේ මේ මැතිවරණය ඉතාමත් සුවිශේෂී හා තීරණාත්මක බවයි.

මෙවර මැතිවරණය ගත්කල ප්‍රධාන අපේක්ෂකයින් කිහිපදෙනෙක් දකින්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ( ඔහු ස්වාධීන අපේක්ෂකයක් ලෙස ඉදිරිපත් වෙනවා ) , සමගි ජනබලවේගයෙන් සජිත් ප්‍රේමදාස, ජාතික ජනබලවේගයේ  අනුර කුමාර දිසානයක සහ ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ නාමල් රාජපක්ෂ යන අයයි. මේ අය අතරිනුත් රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානයක ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනා ලෙස දැකගත හැකිය. 

රටේ ප්‍රධාන පක්ෂ කිහිපයක ප්‍රධානින් කිහිපදෙනෙක් එකවර තරඟයේ දක්නට ලැබෙන මෙම අවස්ථාවේ ජය ලැබෙන්නේ කාටද යන්න හරිම තීරණාත්මකයි. එම නිසා ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමු වතාවට මනාප ගණන් කිරිමට සිදුවේ යයි කතිකාවතක් සමාජයේ දකින්න තියෙනවා. විද්වතුන් කියන්නේ ලංකාවේ පළමු වතාවට කිසිදු අපේක්ෂකයෙක්ට 50%ක් ලබාගැනීමට නොහැකිවන බවයි. මේ නිසා අනිවාර්යෙන්ම මෙවර ජනතාවගේ දෙවෙනි මනාපයට වටිනාකමක් ලැබෙයැයි යන විශ්වාසය තියෙනවා. එම නිසා ඡන්දය අවලංගු නොවී, සෑම ඡන්දයකටම වටිනාකමක් ලැබෙන ලෙස ඡන්දය ලකුණු කිරීම අත්‍යවශ්‍යයි. ඒ වගේම මෙවර මනාප ලකුණු කිරීම ඉතාමත් වැදගත් වෙන නිසා හරියට මනාප ලකුණු කරන්නේ කොහොමද කියන එක ගැන කතා කරන එක ගොඩක් වැදගත්. විශේෂයෙන්ම අලුත් ඡන්දදායකයින් විශාල ප්‍රමාණයක් මෙවර සිටීමත් නිසා තමන් හරියට ඡන්දෙ දෙන්නේ කොහොමද , මනාප දෙන්නේ කොහොමද කියන එක ගැන ඉතා සරල පැහැදිලි කිරීමක් මේ ලිපිය තුලින් කරන්න බලාපොරොත්තු වෙනවා.

මුලින්ම තමන් ඡන්දය ලබා දිය යුත්තේ කෙසේද යන්න පිළිබද කතා කරමු. ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරන විට ඡන්දදායකයාට තමාගේ කැමැත්ත අනුව ඡන්දය ලබා දීමට හැකියාව ඇත.  ඡන්දය ලබා දීම ගැන එකිනෙකා අතර එක එක  මතවාද තියෙනවා. ඒ වගේම ගොඩක් වැරදි මතවාද වගේම නිවැරදි දැනුවත්වීමක් නොමැතිබවක් ද දකින්න පුළුවන්. මේ හේතුව නිසාම විශාල ඡන්ද ප්‍රමාණයක් අවලංගු වෙනවා. 

සරලවම ගතහොත් නිවැරදිව ඡන්දය සලකුණු කරන ආකාරය මෙසේය.

  • ඔබට ඡන්දය ලබා දීමට අවශ්‍ය එක් අපේක්ෂකයෙකුට පමණයිනම්  ” x ” හෝ ” 1 ” ඉලක්කම යොදන්න පුළුවන්.
  • ඔබට ඡන්දය ලබා දීමට අවශ්‍ය අපේක්ෂකයින් දෙදෙනේකුටනම් පළමු මනාපය සදහා ” 1 ” ඉලක්කමද, දෙවෙනි මනාපය සදහා  ” 2″ ඉලක්කමද යොදන්න පුළුවන්.
  • ඔබට ඡන්දය ලබා දීමට අවශ්‍ය අපේක්ෂකයින් තිදෙනේකුටනම් පළමු මනාපය සදහා ” 1 ” ඉලක්කමද, දෙවෙනි මනාපය සදහා  ” 2″ ඉලක්කමද , තුන්වෙනි මනාපය සදහා ” 3″ ඉලක්කමද යොදන්න පුළුවන්.

තවත් සරලව මේ  ගැන මෙසේ පෙන්වා දෙන්න පුළුවන්.

A අපේක්ෂකයා
B අපේක්ෂකයා                    X
C අපේක්ෂකයා
D අපේක්ෂකයා
E අපේක්ෂකයා
A අපේක්ෂකයා1
B අපේක්ෂකයා                    
C අපේක්ෂකයා
D අපේක්ෂකයා
E අපේක්ෂකයා
A අපේක්ෂකයා1
B අපේක්ෂකයා                    
C අපේක්ෂකයා2
D අපේක්ෂකයා
E අපේක්ෂකයා
A අපේක්ෂකයා3
B අපේක්ෂකයා1
C අපේක්ෂකයා2
D අපේක්ෂකයා
E අපේක්ෂකයා

ඉහත රුපසටහන් වලින් පෙන්වා ඇති සෑම ආකාරයක්ම වලංගු හා නිවරදි ඡන්ද ලකුණු කිරීම් ලෙස සලකනු ලබනවා.

වලංගු ඡන්ද ගැන කතා කලා  වගේම ඡන්දයක් අවලංගු වෙන්නේ කොහොමද කියන එක ගැනත් කතා කරන්න පුළුවන්. මෙතැනදී කතිරය යොදාගන්නවානම් , කතිරයත් සමග 1 , 2 හෝ 3 යොදා ගැනීම නොකලයුතුයි . ඒ වගේම කතිර තුනක් දීමත් නොකළ යුතුයි. මොකද එහෙම ලකුණු කිරීම ඇත්තටම අවලංගු ඡන්දයකි.  ඒ වගේම හරි ලකුණ දීම හෝ තමන් කැමති අපේක්ෂකයාගේ නම රවුම් කිරීම හෝ පාට කිරීම වැනි දේවල්ද නොකලයුතුයි. ඒ සියල්ලම අවලංගු ඡන්ද වේ.

රූප සටහන් වලින් මෙසේ පෙන්වා දෙන්න පුළුවන්.

A අපේක්ෂකයා3
B අපේක්ෂකයා1
C අපේක්ෂකයා2
D අපේක්ෂකයාX
E අපේක්ෂකයා
A අපේක්ෂකයාX
B අපේක්ෂකයා
C අපේක්ෂකයාX
D අපේක්ෂකයා
E අපේක්ෂකයාX
A අපේක්ෂකයා
B අපේක්ෂකයා
C අපේක්ෂකයා
D අපේක්ෂකයා
E අපේක්ෂකයා

ඉහත රූප සටහන් වලින් පෙන්වා දී ඇති ආකාරයේ ඡන්ද ලබාදීම් අවලංගු ඡන්ද ලෙස නම් කරනවා.

ඒ වගේම මෙතැනදී තවත් විශේෂ දෙයක් තියෙනවා. මේක ගැන ගොඩක් ඡන්දදායකයින් දැනුවත් මදි. ඒක තමයි ඡන්දපොලේදී තමන් අතින් ඡන්දය දැමීම වැරදුනොත් හරි , එහෙම නැත්තම් ඡන්ද පත්‍රිකාව ඉරුනොත් හරි, ඒ වගේ හානියක් සිද්ද උනොත් තමන්ට අලුත් ඡන්ද පත්‍රිකාවක් ඉල්ලා ගැනීමටද හැකියාවක් පවතිනවා. එම නිසා මේ හැම දෙයක් ගැනම  හොඳ දනුවත්බවකින් ගිහින් තම මනාපය සැප්තැම්බර් 21 ලබා දීම ඉතා වැදගත්.

මෙවර මැතිවරණය ඉතාමත් තීරණාත්මක බැවින් ඔබගේ වටිනා ඡන්දය ඉතාමත් වැදගත්. ඒ වගේම මනාප ලකුණු කිරීමත් ගොඩක් වැදගත්. මේ නිසා සෑම ඡන්දදායකයෙක්ම වගේ ඡන්ද ලකුණු කිරීම ගැන , මනාප ලකුණු කිරීම ගැන හොඳින් දැනුවත් වීම මෙවර ඡන්දය සඳහා ගොඩක් වැදගත් වෙනවා. ඒ සඳහා මේ ලිපිය ඔබ සැමට ගොඩක් උදව් වේ යයි විශ්වාස කරනවා.

සටහන – චාතුර්යා මිතුෂී


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *