Loading...

උතුරු ධීවරයින්ට විනකරන චීන්නු

උතුරු මුහුද සීමාව කියන්නේ මෙරට මත්ස්‍ය කර්මාන්තයට සෘජුවම දායක වන මුහුදු තීරයක්. උතුරු පළාතේ වුනියාව දිස්ත්‍රික්කය හැරෙන්න මන්නාරම, කිලිනොච්චිය, යාපනය සහ මුලතිය දිස්ත්‍රීක්කයන් කේන්ද්‍ර කරගනිමින් උතුරු මුහුදු සීමාව පිහිටා ඇත.

උතුරේ මත්ස්‍ය කර්මාන්තයට එදා සිටම බාධාවක් එල්ල වූවේ ඉන්දු ධීවරයන්ගේ ආගමනයෙනි. වසර ගණනවක් පුරවට සිදුවන ඉන්දු ධීවරයින්ගේ තාඩන පීඩන බොහෝ දෙනෙකු දන්නා කරුණක් වුවද නොදන්නා කරුණ නම් උතුරු මුහුදු සීමවට හොර රහසේම එන චීන ධීවරයින් විසින් උතුරු ධීවරයින්ට දැඩි බලපෑමක් එල්ල කිරීමය.

    චීන ධිවරයින් පැමිණ බලහත්කාරයෙන් උතුරු මුහුදු තීරයේ මසුන් ඇල්ලීමේ කටයුතු වල නිරත වන අතරම ඔවුන් මේ වන විටත් උතුරේ ධීවරයින් බොහෝ දෙනෙකුගේ දැල් ආම්පන්න ඉරා දැඩි අලාබහානි සිදු කොට ඇති අතරම ධීවරයින් කිහිප දෙනෙකුගෙම ධිවර යාත‍්‍රා වලටද හානි සිදු කොට ඇති බවට යාපනයේ ධීවර සංගම් කියා සිටිති.

මෙලෙසින් චීන ධීවරයින්ගේ උතුරු මුහුද අක්‍රමණය කිරීමේ විශේෂතම සිදුවීඹ වන්නේ බොහෝ අවස්ථාවන්හීදි ඉන්දීය ධීවරයින් උතුරු මුුදු සීමාවේදී අත්අඩංගුවට ගත්තද චීන ධීවරයින් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම සම්භන්ධයෙන් උතුරේ ධීවරයින් මෙරට බලධාරීන්ට මෙන්ම නාවික හමුදාවටද දැඩි සේ විරෝධය පල කර සිටිති.

චීන ධීවරයින් විසින් අවස්ථා කිහිපයකදීම යාපනයේ උතුරේ ධීවරයින්ගේ දැල් ආම්පන්න වලට හානි සිදු කොට විනාශ කළද එම හානි පිළිබඳව අදාල බළධාරීන් වෙත දැනුමු දුන්නද ඒ වෙනුවෙන් කිසිදු වන්දියක් නොලැබුනු බවටද ධීවරයින් පැවසූහ.

ඉන්දීය ධීවරයින්ගේ සහ චීන ධීවරයින්ගෙන් මෙලෙස බලපෑම් ඉදිරියටත් එල්ල වුව හොත් උතුරේ ධීවර කරමාන්තය දැඩි අවධානම් තත්වයකට පත්වන බවත් ඉදිරියේදී මාලූ මිල ගනන්ද ඉහල යාමට ඉඩ ඇති බවටද උතුරේ ධීවරයින් කියා සිටියහ.

මේ පිළිබඳව යාපනය පේදුරු තුඩුව ප‍්‍රදේශයේ ධීවරයෙකු වන ජේ.බාලසිංහම් කියා සිටියේ

”ඉන්දියා ධීවරයො වගේ නෙමෙයි චීන්නු උන්ට හිතක් පපුවක් ඇත්තෙම නැහැ ඉන්දීය ධීවරයින්නම් අපේ මුහුදු සීමාවලට අවාහම අපි ඒ ප‍්‍රදේශ වල මාලූ අල්ලන් ඉන්න කොට අපිට එම ප‍්‍රදේශ වලින් ඉවත් වෙන්න කියලා දැනුම් දෙනවා එහෙම ඉවත් වුනේ නැත්තම් තමයි උත් ඇවිත් අපිට හිරි හැර කරන්නේ. සමහර ධිවරයෝ විතරයි අපේ දැල් වලට හානි කරන්නේ නමුත් චීන්නු එහෙම නෙමෙයි එක පාරටම කොහෙන් කඩා පාත් වෙනවද දන්නෙ නැහැ. එක පාරටම ඇවිත් අපේ දැල් ඔක්කොම ඉරලා අපිටත් හිරි හැර කරනවා. උන් කියන මෙලො දෙයක් අපිට තේරෙන්නෙත් නැහැ. ඉන්දියන් ධීවරයොනම් මොකද්ද කියන්නේ කියල හරි තේරුම් ගන්න පුලූවන්. මේක හරිම ප‍්‍රශ්නයක් අපි ලග තයෙන දැල් ආම්පන්න වගේ නෙමේ චීන්නුන්ගේ දැල් ආම්පන්න ධීවර යාත‍්‍රා. අපේ ඒවට වඩා හාත්පසින්ම වෙනස්. උන් ඉන්න තැනක සාලයෙක්වත් ඉතුරු නොවෙන්න ඔක්කම අල්ලන් යනවා. උන් කොච්චර අපේ මුහුදු සීමාවට ආවත් කවුරුත් අත්අඩංගුවට ගන්නෙ නැහැ. ඒ් චීනෙට බය නිසාද දන්නෙ නැහැ.මේකෙන් අපේ ධීවරයො තමයි අන්ත අසරණ වෙන්නෙ. එදා වේල හොයාගන්න මේ ධීවරයින්ට දැන් ඉන්දීය ධීවරයින් එන කොට යන්න විදිහකුත් නැ. චීන්නු එන කොට යන්න විදිහකුත් නැහැ. මෙහෙම බලන කොට මලූ සතියම අපිට මාලූ අල්ලන්න විදිහක් නෑ. මෙකෙන් අපේ බඩට වදින පහර මේ බළධාරීන්ට පෙනෙන්නැති එකයි ප‍්‍රශ්නෙ”

උතුරු පලතේ මත්ස්‍ය සම්පත සතියකට රුපියල් කෝටි ගණනක් විදෙස් රටවලින් හූරා කන බවට උතුරේ ධීවර සංගම් අවස්ථා කිහිපයකදීම බලධාරීණ් වෙතට පැමිණිළි කරද මේ වන තුරුත් විධිමත් විසඳුමක් නොලැබීම මත උතුරේ ධීවරයින්ගේ දෛනික ආර්ථිකය එක් පැත්තකින් කඩා වැටෙද්දි අනෙක් අන්තයෙන් ඔවුන්ගේ මත්ස්‍ය කර්මන්තයටද එල්ල වී ඇත්තේ මරු පහරකි.

යාපනය ගුරු නගර් ප‍්‍රදෙශයේ ධීවර කටයුතු වල නිරත පී.කනගරත්නම් ධීවරයා කියා සිටියේ

”අලි මදිවට හරක් කියන්නේ මේකට තමයි. දැන් අපි ගිරේ අහුවෙච්චි පුවක් ගෙඩිය වගේ කොහෙන් ගුටිකන්න වෙයිද කියල දන්නැතුව තමයි හැමදාම මුහුදු යන්නේ. ඇයි දෙයියනේ අපේ රටේ මුහුදේ විතරද මාලූ ඉන්නේ මෙච්චර ලොකු සාගරේක අපිටම මේ කරදර වලට මූහුණ දෙන්න වෙලානෙ. ඉන්දියාව කියන්නෙ අපිට අසල් වැසි රට අල්ලපු රටේ උන්ගෙන් පහුගිය වසර කීහිපය පුරාම නොයෙකුත් කරදර. තාමත් අපේ ධීවරයො කිහිප දෙනෙක්ම ඉන්දියාවේ හිරකූඩු වල දුක් විඳිනවා. දැන් අපි තවත් කරදරේක වැටිල මේ කෙහෙවත් නැති චීන්නු වගයක් මහපරිමාණයේන් අපේ මුහුදේ මාලූ අල්ලනවා. මුල්ම දවස්වල නම් චින්නු එක්කෙනෙක් දෙන්නෙක් තමයි අවේ. කොහොම හරි ඒ ආපු උන් ගිහින් කියන්න ඇති අපේ මුහුදේ හොඳට මාලූ ඉන්නවා කියලා. දැන් චීන්නුන්ගේ ලොකු ධීවර යාත‍්‍රා වලින් ඇවිත් මාලූ අල්ලනවා. නමුත් මේ චීන්නු කිසිම කෙනෙක් අත්අඩංගුවට ගන්නෙ නැහැ. මේක ලොකු අසාධාරණයක් මෙහෙම ගියොත් අපිට අපේ මුහුදම අයිතියක් නැතිවෙලා යයි.

‘ යාපනේ කියන්නේ ලංකාවේ ධීවර කර්මාන්තයේ ප‍්‍රධානතම ස්ථානයක් ඒ් වගේම තමයි මන්නාරම, කිලිනොච්චිය හ මුලතිව් මුහුදු තීරයන් වලත්. දැන් මේ ස්ථානය ලොකු අවධානමකට ලක් වෙලා. අපි කියන්නේ ඉන්දියාවේ ධීවරයින් අත්අඩංගුවට ගන්න පුලූවන්නම් ඇයි මේ චීනේ ධීවරියින් අත්අඩංගුවට ගන්න බැරි. එහෙම ගත්තනම් මේ අය එන්නෙ නැහැනේ ප‍්‍රශනේ ඉවරයි. මොකද අපි චීනෙට යන්නෑනේ මාලූ අල්ලන්න. ඇයි අපිට පාඩුවේ අපේ මාලූ ටිකක් අල්ලන් ඉන්න දෙන්නැත්තේ කියලයි අපි බලධාරීන්ට කියකන්නේ.

ධීවරයින් කියනා ආකාරයට ඉන්දියාවට එක විදිහකුත් චීනයට තවත් විදිහකුත් සැලකීම පිටුපස ඇත්තේ කුමක්දැයි දෙවරක් සිතීමට සිදුව ඇතැ. මේ වන විට උතුරේ ස්ථාන කිහිපයක චීන ව්‍යාපෘති මගින් මත්ස්‍ය ගෙවිපළවල්ද ක්‍රියත්මක කෙරෙයි. මහපරිමාණයෙන් චීන ව්‍යාපෘති උතුරේ සිදුකෙරෙන අතරවාරයේදී උතුරු මුහුදු ආක්‍රමණය කිරීමකට සැරසෙන්නේද යන්න පිළිබඳව උතුරේ ධීවර ප්‍රජාවට ඇත්තේ උභතෝකොටික ගැටලුවකි.

මෙම ගැටලුව පිළිබඳව උතුරේ එක්සත් ධීවර සංගමය විසින් පෙන්වා දෙන්නේ ,

”දැන් උතුරේ ධීවරයින්ට අලූත් ගැටලූවකට මුහුණ දෙන්න වෙලා. මේ චීන ධිවරයින්ගේ පැමිණිම පිළිබඳව පැමිණිළි විශාල ප්‍රමාණයක් මේ වන විට ධීවර අමාත්‍යංශයටත් අදාල බලධාරීන්ටත් දැනුම් දීල තියනවා. නමුත් මේ වෙනකම් කිසිම පිළිතුරක් දීල නැහැ. මේ නිසා උතුරේ ධීවරයින්ට පිළිතුරක් ලැබෙන තුරු ධිවරයින් ඉදිරියේදී පාරට බැහැලා උද්ඝෝෂණ කරයි.  මේ ප‍්‍රශ්න තියාගෙන කොහොමද මේ ධීවරයින් මුහුදට බහින්නේ මේකට මේ ධීවර බළධාරීන් විසින් ඉක්මන් විසඳුමක් ලබා දිය යුතුයි. යනුවෙනි.

රොමේෂ් මධුෂංක


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *