Loading...

ඉන්දියාවටත් වැඩියෙන් ගෙවපු නැනෝ පොහොර ක්‍රියාන්විතය ; විගණන වාර්තාව

සෞභග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට පසුව 2021 අප්‍රේල් මස සිට රසායනික පොහොර ආනයනය තහනම් කර 2021 /2022 මහ කන්නය සදහා මෙරටට චීන සමාගමකින් ආනයනය කරන ලද කාබනික පොහොර තොගය ගොඩබෑමට අවසර නොලැබීම හමුවේ රට තුල ඇති වූ පොහොර ඌණතාවය හමුවේ එය මඟ හරවා ගැනීම උදෙසා දේශිය සමාගමක් වු united farmers trust limited විසින් සිය කැමැත්තෙන් ඉදිරිපත් කළ (unsolicited) යෝජනාවක් ලෙස නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනය කිරිමට තීරණය කරනු ලැබුවත් 2021 දෙසැම්බර් 21 දින එම පොහොර තොගය අත්සිටුවා තිබුණි. අනවශ්‍ය යෝජනාවකින් තෝරා ගත් නැනෝ නයිට්‍රජන් දියර පොහොර ඉන්දියානු පොහොර සමාගමකින් ආනයනය කිරීමට පසුගිය රජය වෙළෙඳපොළ මිල මෙන් දෙගුණයකටත් වඩා ගෙවා එම මුදල සම්පූර්ණයෙන් පියවා තිබියදීත් ලැබුණේ මුළු ඇණවුමෙන් සියයට හතක් පමණක් බව විගණන වාර්තාවකින් අනාවරණය කළේය. එකඟ වූ පොහොර තොගය සැපයීමට අපොහොසත් වීම හේතුවෙන් සමාගම තවමත් ගෙවිය යුතු මුළු හිඟ මුදල රුපියල් මිලියන 48 ක් ගෙවා නැත.

ඉන්දියන් සමාගම් නියෝජිත සමාගමක් වන යුනයිටඩ් ෆාමර්ස් ට්‍රස්ට් සමාගම සමඟ දියර පොහොර තොගය ලෙස මිලිලීටර 500 අඩංගු බෝතල් 4,250, 000 ක් ලීටර 2,125,000 බෝතලයක මිල ඇමෙරිකානු ඩොලර් 12.45 බැගින් ආනයනය කිරිමට 2021 නොවැම්බර් 22 ගිවිසුම් ගත වී තිබුණි. නමුත් ඇනවුම් කල ප්‍රමාණයෙන් 7% පමණක් අවස්ථා 4 කදි ගෙන්වන ලදි.විගණකාධිපති ඩබ්ලිව්පීසී වික්‍රමරත්න සිය නිර්දේශවල සඳහන් කළේ පළමු තොගය (බෝතල් 100,224) සඳහා ගෙවූ රුපියල් 49,846,406 ක අධික ගෙවීම අදාළ සමාගමෙන් හෝ අසාර්ථක වීම නිසා නිසි ඇගයීමකින් තොරව ගෙවීම් අනුමත කළ දියර නැනෝ පොහොර බෝතලයක් සඳහා ගෙවිය යුතු සැලකිය යුතු මිල නිශ්චිතව හඳුනා ගැනීමේදී කෘෂිකර්ම අමාත්‍යාංශය, ප්‍රසම්පාදන කමිටුව සහ තාක්ෂණික ඇගයීම් කමිටුව වැනි වගකිව යුතු පාර්ශවයන් වලින් අයකර ගැනීමට පියවර ගන්නා ලෙසයි.

ඉහත පොහොර තොගය ඉන්දියාවේ නැනෝ පොහොර නිෂ්පාදන සමාගමක් වන ඉන්දියන් ෆාමර්ස් ෆර්ටිලයිසර් කොපරේටිව් ලිමිටඩ් (IFFCO) හා නියෝජිත සමාගමක් වන united farmers trust ( UFT) ආනයනය කිරිම සිදු කරන ලදි .පොහොර ආනයනයේදි මිලි ලිටර් 500 දියර පොහොර බෝතලයක් වෙනුවන් ඉහල පිරිවැයක් දරා තිබූ අතර ප්‍රශස්ත සැපයුම්කරු තෝරාගෙන තිබුණේ ද යන්න ප්‍රශ්නයක් වී තිබූ අතර මහ කන්නය අවසන් වී තිබූ අතර මෙම පොහොර තොගය අත්‍යවශ්‍ය ද යන්න රට තුල ආන්දෝලනයක් ඇති විය.මෙම ආන්දෝලනය හමුවේ කෘෂිකර්ම අමාත්‍යංශයේ, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හා සීමා සහිත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ ගනුදෙනු විගණනය හමුවේ වාර්තා විය.ඉන්දිය නිශ්පාදකයා වු IFFCO සමාගමේ වෙබ් අඩවියෙහි නැනෝ දියර මිලි ලීටර 500 ක බෝතලයක මිල ඇමෙරිකානු ඩොලර් 3.185 ට සමාන වු ඉන්දියන් රු. 240 ලෙස දක්වා තිබුණද රේගු සටහන් කර අනුව එම බෝතලය ඇමරිකානු ඩොලර් 5 බැගින් ශ්‍රි ලංකාවට ආනයනය කර තිබුණි.එම වෙබ් අඩවියේ සදහන් මිලටම ශ්‍රි ලංකාවට ආනයනය කිරිමට හැකිව තිබුණත් කරුණු විගණනයේ දී එහි මිල ඇ. ඩෝ. 5.25 (FCA) ක් බවට 2021නොවැම්බර් 10 පැවති රැස්වීමකදි අනාවරණය විය.එවැනි දැනුවත් වීමක් තිබියදී අඩු මිලකට ගැනීමට හැකියාවක් තිබියදීත් නයිට්‍රජන් දියර පොහොර බෝතල් 100,224 ක් ඇ. ඩෝ. 12.45 සහ බෝතල් 206,232ක් ඇ.ඩෝ. 10 ක් වැනි ඉහල අගයකට මිල දී ගෙන තිබීම ගැටලු ඇති කිරිමට හේතු විය. ආනයනය කිරීමට පෙර, මෙම පොහොර වගා බිම්වලට මුදා හැරීමට පෙර රසායනාගාරයක හෝ ආදර්ශ ගොවිපලක කිසිදු අත්හදා බැලීමක් සිදු කර නොතිබුණි. නැනෝ දියර පොහොරවල අවශ්‍යතාවය පිළිබඳ නිසි ඇගයීමකින් තොරව පොහොර ආනයනය කර ඇති බව විමර්ශනයේදී නිරීක්ෂණය විය.CCFL සමාගම හෝ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශය විනිවිද භාවයකින් ගිවිසුම් ගත නොවිම හෙතුවෙන් ඉහත අධික ලාභයක් සැපයුම්කරැ /ඔහුගේ නියෝජිතයා/ නිශ්පාදකයා ලබාගෙන ඇති බව හොදින් තහවුරැ වේ. රට තුල එවකට තිබු අවධානම හමුවේ ණය පදනම මත පොහොර තොගය ලබා දිමට යෝජනා වුවද ඒ පිළිබඳව අවධානයක් නොගෙන රජයට වාසි සහගත ලෙස මෙම ගනුදෙනුව ඉටු නොකිරිම නිසා රජයට ලැබිය යුතු මුදල්ද නොලැබි යාම රටේ අවාසනාවටම හේතු විය.

සටහන – බුද්ධික වීරසිංහ

සටහන –


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *