ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු ක්රීඩකයින් වන රොෂාන් මහානාම, අරවින්ද ද සිල්වා වැනි ජේෂ්ඨයින් හෝ ජනාධිපතිවරයෙක් විසින් ශ්රී ලංකා ක්රිකට් පාලක මණ්ඩලයේ ක්රිකට් නිලවරණය සඳහා තරඟ වැදුන හොත් කිසිඳු ආකාරයකින් කිරීමට හැකියාවක් නොමැති බව හිටපු ශ්රී ලංකා වේග පන්දු යවන ක්රීඩක චමින්ද වාස් මහතා පවසනවා.
ඔහු මෙම අදහස් පළ කළේ සිරස රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින්.
ක්රිකට් පාලක මණ්ඩලය ස්වාධීනව පවතින බවත් ඒ සඳහා කිසිඳු කෙනෙකුට ඇඟිලි ගැසිය නොහැකි බවත් ඒ මහතා කියා සිටිනවා.
චමින්ද වාස් සඳහන් කරන්නේ එවැනි ස්වාධින තත්ත්වයක යටතේ පත්වූ ක්රිකට් පාලක මණ්ඩලය වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට කිසිඳු ආණ්ඩුවකට හැකියාවක් නොමැති බවයි.
එහිදී ඔහු සඳහන් කර සිටියේ, එවැනි ස්වාධීන තත්වයක් යටතේ පත් වූ ක්රිකට් පාලක මණ්ඩලය වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට කිසිදු ආණ්ඩුවකට හැකියාවක් නොමැති බවයි.
එම වැඩසටහනේ දී අදහස් දැක්වූ චමින්ද වාස් මහතා,
“අපේ ක්ලබ් 14යි, අනුබද්ධිත ක්රීඩා සමාජත් ගොඩක් තියෙනවා. අපිට තියෙනවා ජන්ද 147ක්. එකසිය හැට ගාණකින් දැන් ඕක අඩු වෙලා ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකට මම මේකට උදාහරණයක් ගත්තොත් රොෂාන් මහනාම හරි, අරවින්ද හරි, රටේ ජනාධිපතිතුමා මේකට තරංග කලොත් ජීවිතේට දිනන්න බැහැ. ඇයි හේතුව? මේ ක්ලබ් ඔක්කොම කට්ටියව අල්ලගෙන ඉන්නේ. ඒ ක්ලබ් ඔක්කොම වගකියන්න ඕනේ. ක්රිකට් ඇවිල්ලා ජාතික කණ්ඩායම විතරක් නෙවෙයිනේ. මේකේ ක්ලබ් ක්රිකට්, ක්රීඩකයෝ අපේ ඉන්නවා ලංකාවේ 500ක් 550ක් වගේ ඉන්නවා. මේකේ ග්රවුන්ඩ් වල ග්රවුන්ඩ් ස්ටාෆ් එක ඉන්නවා, ස්කෝරර්ස්ලා ඉන්නවා. මේ හැමෝම මේ ක්රිකට්වලින් යැපෙනවා. ක්රිකට් කියන්නේ කර්මාන්තයක්. එතකොට මේ ක්රිකට් එක හසුරවන්නේ ICC එක. එතකොට මේක ස්වාධීනව පත් වුණාට පස්සේ ආන්ඩුවට බැහැ මේකට ඇගිලි ගහලා අයින් කරන්න. සාධාරණ හේතුවක් තියෙන්න ඕනේ ICC එකට මම දන්න විදිහට මේක වෙනස් කරන්න හරි Interim එකක් දාන්න හරි පෙන්නන්න ඕනෙ මෙන්න මේ දේවල්වල මේ මේ වැරදි තියෙනවා කියලා. එහෙම කරන්නේ නැතුව ගිහිල්ලා තමයි හිටපු අපේ ඇමතිතුමා වරද්දගෙන අපේ ක්රිකට් ක්රීඩාව තහනම් වුණේ…”








Leave a Reply