2026 වසරේ දෙවන හා තෙවන කාර්තුවලට අදාළව ගෘහස්ත කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු 18%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
එම කොමිෂන් සභාව සඳහන් කළේ ඒකක 180ට අඩු ගෘහස්ත කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් සිදු නොවන බවයි.
විදුලි පිරිවැය ඉහළ යාම හේතුවෙන් රුපියල් බිලියන 38ක පමණ හිඟයක් මෙම කාර්තු සහ ඉදිරි කාර්තුවට බලපෑම සහ ප්‍රධාන කාරණා 3ක් මුල් කර ගනිමින් විදුලි ගාස්තු 18%කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව අවසර ලබාදී තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ රුපියල් බිලියන 15ක සහනයක් ලබාදීමට රජය ලිඛිතව එකඟ වීමත් සමඟ 5%කට පමණ විදුලි පාරිභෝගිකයන් ගණනකට පමණක් මෙම වැඩි වෙන විදුලි ගාස්තුව බලපැවැත්වෙන බවයි.
මේ අනුව 95%ටම මෙම විදුලි ගාස්තු වැඩි වීම අදාළ නොවන බවද එම කොමිසම සඳහන් කරනවා.
මෙම ගාස්තු ඉහළ නැංවීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට සිදුවනු ඇති.







Leave a Reply