Loading...

විදුලි ගාස්තු 7%කින් ඉහළට

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලිබිල ඉහළ දැමීමට මහජන උපයෝගීතා කොමිසම ඒකමතික තීරණයක් ගෙන තිබෙනවා.

මේ අනුව මෙම විදුලි ගාස්තු සංශෝධනය අප්‍රේල් මස 1 වනදා සිට ක්‍රියාත්මක වනු ඇති.

මෙම වසරේ දෙවන කාර්තුවට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් 13.56%ක විදුලි ගාස්තු සංශෝධනයක් මහජන උපයෝගීතා කොමිසමේ සභාවෙන් ඉල්ලා තිබුණා.

මේ යටතේ ඒකක 0 සිට 30 දක්වා වූ කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 4.3%කින් ඉහළ යන අතර මේ අනුව මාසිකව බිල්පතේ වැඩි වීම රුපියල් 15කි.

31 – 60 අතර කාණ්ඩය සඳහා විදුලි ගාස්තු 6.9%කින් ඉහළ දමා ඇති බව වාර්තා වනවා.

මේ අනුව එහි මාසික ගාස්තුව රුපියල් 45කින් ඉහළ යනු ඇති.

61 – 91 අතර කාණ්ඩය සඳහා 6.9%කින් ඉහළ දමා ඇති අතර මේ අනුව එහි මාසික වැඩි වීම රුපියල් 120කි.

91 – 180 දක්වා වූ කාණ්ඩය සඳහා 7.1%කින් ඉහළ ගොස් ඇති අතර එහි මාසික වැඩි වීම 420කි.

ඒකක 180ට වැඩි ඒකක සඳහා ඉහළ විදුලි ගාස්තු ප්‍රතිශතියකින් වැඩිව තිබෙන අතර එය 25%කින් විදුලි ගාස්තු වැඩි වීමක් සිදුව තිබෙනවා.

මාසික ඒකක පරිභෝජනය ඒකක 180ට අඩු ආගමික සහ පුණ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තු ඉහළ නොදැමීමට පියවර ගෙන ඇති අතර එම අංශයේම ඒකක 180ට වැඩි විදුලි පරිභෝජනයක් සඳහා පමණක් 9.6%ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් සඳහා ද අනුමැතිය ලබාදීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය ඇති බව වාර්තා වනවා.

මේ අතර පොදු කාර්ය සහ පාරිභෝගික කාණ්ඩය සඳහා විදුලි ගාස්තුව 8%කින් ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

කර්මාන්ත අංශය සඳහා විදුලි ගාස්තුව 8.7ක් දක්වා පමණක් සීමා කිරීමට ද එම කොමිෂන් සභාව තීරණය කර ඇති බව සඳහන්.

රාජ්‍ය ආයතන සඳහා විදුලි ගාස්තුව 14.1%කින් ඉහළ දැමීමටද උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

ගෘහස්ත අංශයේ එක් එක් පාරිභෝගික කාණ්ඩ සඳහා විදුලි ගාස්තු ඉහළ යාමේ ප්‍රතිශතය,


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *