Loading...

ත්‍රිකුණාමලය මුහුදේ භූ කම්පනයක්

ත්‍රිකුණාමලය මුහුදු ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 3.9ක ප්‍රබලත්වයක් සහිත භූ කම්පනයක් හටගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 60ක් ඊසාන දෙසින් වූ මුහුදේ මෙම කම්පන තත්ත්වය වාර්තා වී ඇති බව සඳහන්.

අද (18) සවස 4.06ට පමණ මෙම භූකම්පනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පැවසුවේ මෙම භූ කම්පනය මෙරට සවිකර ඇති භූ කම්පන මාන හතරේම සටහන් වී ඇති බවයි.

මහකනදරාව, හක්මන, පල්ලෙකැලේ සහ බුද්ධංගල යන ප්‍රදේශවල මෙම භූ කම්පන මාන සවිකර තිබෙනවා.

භූ කම්පනය හේතුවෙන් කිසිඳු සුනාමි අනතුරු ඇඟවීමේ තත්ත්වයක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන පැවසුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *