Loading...

කුඩුකාරයන්ට ණයත් නෑ භයත් නෑ – අනුර කුමාර දිසානායක

පොලිස් නිලධාරීන් සඳහා සිය රාජකාරිය ගෞරවාන්විත කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

අරලගංවිල පැවැති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

ඒ මහතා පවසන්නේ රට තුළ මත්ද්‍රව්‍ය හේතුවෙන් විශාල ව්‍යාසනයක් ඇතිවී තිබෙන බවයි.

“අපි කුඩුකාරයන්ට ණයත් නෑ. භයත් නෑ. අපි මොකටද භය වෙන්නේ. කිසිදු දේශපාලකයෙක් ඉදිරියේ නැමෙන්නේ නැතිව තමන්ගේ තනතුර තමන්ගේ යුනිෆෝම් එක, තමන්ගේ තරුවේ, පටියේ ගෞරවය තියාගෙන රාජකාරී කරන්න පුළුවන් රටක් පොලීසියේ මහත්වරුන්ට හදලා දෙන්න ඕනේ.

අද අපේ රටේ අත්අඩංගුවට ගන්නවද නැත්ද කියලා තීරණය කරන්නේ පොලීසිය නොවෙයි පළාතේ දේශපාලඥයා. ඒක අපි අයින් කරනවා.

අපිට බේරා ගන්න හොරුත් නෑ. අපට බේරා ගන්න අපරාධකාරයොත් නෑ. අද අපේ රටේ කුඩුවලින් විශාල ව්‍යසනයක් වෙලා තියෙනවා.

අපි කුඩුකාරයන්ට ණයත් නෑ. භයත් නෑ. අපි මොකටද භය වෙන්නේ.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *