Loading...

සෞදියේ CIA කාර්යාලයකට ඩ්‍රෝන ප්‍රහාරයක්

සෞදි අරාබියේ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ මධ්‍යම බුද්ධි ඒජන්සි මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

රොයිටර් පුවත් සේවය පෙන්වා දෙන්නේ රියාද් හි තානාපති කාර්යාල සංකීර්ණයට ඩ්‍රෝන යානා දෙකක් ප්‍රහාර එල්ල කළ බව අමෙරිකාව සහ සෞදි අරාබිය තහවුරු කර ඇති බවයි.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයේ ඉලක්කය CIA මධ්‍යස්ථානය ද යන්න පිළිබඳව මෙතෙක් වාර්තා වී නැහැ.

ප්‍රහාරයෙන් තානාපති කාර්යාලයේ වහලේ කොටසක් කඩා වැටී ඇතුළත දුමෙන් වැසී ගොස් ඇති බව වාර්තා වනවා.

තානාපති කාර්යාලයට හානි සිදුව තිබුණ ද එහි සිටි කාර්ය මණ්ඩලයට එම ස්ථානයේ සිටින ලෙස ද දැනුම් දී ඇති තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *