Loading...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඇමර්සන් සමාගමේ දත්ත මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක්

මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය හමුවේ ලොව ප්‍රමුඛතම Cloud Services සපයන්නා වන ඇමසන් සමාගමේ දත්ත මධ්‍යස්ථාන කිහිපයකට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වී තිබෙනවා.

මෙම ප්‍රහාරවලින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දත්ත මධ්‍යස්ථාන දෙකකට සෘජුවම හානි සිදුව ඇති බව සඳහන්.

බහරේනයේ පිහිටි මධ්‍යස්ථානයකට ද ඉන් බලපෑම් එල්ල වී ඇති බවද වාර්තා වනවා.

මෙම සිදුවීම සමඟ මැදපෙරදිග කලාපයේ බැංකු කටයුතු වෙබ් අඩවි සහ ජංගම දුරකථන යෙදුම් රැසක ක්‍රියාකාරීත්වය අඩාල වී තිබෙනවා.

ප්‍රහාර හේතුවෙන් ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බව සඳහන්.

විදුලි පද්ධති අක්‍රිය වීමෙන් දත්ත සැකසීමේ කටයුතු මේ වන විට අඩාල වී තිබෙනවා.

එම සාමාගම පවසන්නේ මීට අමතරව ගිනි නිවන පද්ධති ක්‍රියාත්මක වීම නිසා තාක්ෂණික උපකරණවලට ජලයෙන් හානි සිදුව ඇති බවයි.

පවතින අනාරක්ෂිත බව හේතුවෙන් මැදපෙරදිග කලාපයේ තම සේවාවන් භාවිතා කරන සියලුම ආයතන වෙත වහාම තම දත්ත යුරෝපය හෝ අමෙරිකාව වැනි ආරක්‍ෂිත කලාපවල පිහිටි සර්වර් වෙත මාරු කරන ලෙස ඇමසන් සමාගම උපදෙස් දී ඇති බව වාර්තා වනවා.

මෙම තත්ත්වය එමීර් රාජ්‍යයේ ප්‍රධාන පෙළේ බැංකු කිහිපයක ඩිජිටල් ගණුදෙනු පද්ධති අක්‍රීය වී ඇති අතර එය ජන ජීවිතයට ද දැඩි බලපෑමක් එල්ල වී ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ මෙය ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගමක දත්ත යටිතල පහසුකම්වලට යුදමය ප්‍රහාරයක් එල්ල වූ පළමු අවස්ථාවලින් එකක් ලෙස සැලකෙනවා.

මේ සමඟ කලාපයේ ඩිජිටල් ස්ථාවරත්වය පිළිබඳව දැඩි ගැටළුවක් මතුව ඇති බවද වාර්තා වනවා.


යුද ගැටුම්වලින් මියගිය ගණන තවත් ඉහළට

ඉරානයට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය ගණන 787ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊට කුඩා ළමයින් 176 දෙනෙක් ද ඇතුළත් බවයි.

මේ අතර ඉරාන පාසලකට එල්ල වූ ප්‍රහාරයෙන් මියගිය ළමුන් ඇතුළු 165 දෙනෙකුගේ අවමංගල්‍ය චාරිත්‍ර අද (03) සිදුකර තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ ඉරාන ජනාධිපති කාර්යාලය ඇතුළුව එරට නායකත්ව සංකීර්ණයට නව ප්‍රහාර ඊශ්‍රායල ආරක්ෂක එල්ල කළ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *