Loading...

ඩොක්ටර් තාඹුගලට ඇප ලැබෙයි

හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන 70ක වංචා කළ බවට රක්ෂිත බන්ධනාගාරගතව සිටි අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාඹුගල මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ මහත්මිය ඉදිරියේ මීට අදාළ නඩුව අද (27) කැඳවනු ලැබුවා.

IWS හෝල්ඩින් සමාගම කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පසුගිය 22 වනදා දින රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මෙහිදී සැකකරුට රුපියල් ලක්ෂ 100 බැඟින් වූ ශරීර ඇප දෙකක් නියම කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *