මේ මසදී ඉන්ධන නෞකා 9ක් මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ ඉල් මහ විරු සැමරුම සඳහා ඊයේ (05) මාතර පැවැති ජනහමුවේ දීයි.
මැදපෙරදිග යුද්ධය ආරම්භ වීම සමඟ ඇති වූ බලශක්ති අර්බුදය රජය විසින් මේ වන විට කළමනාකරණය කර ඇති බවද ඔහු සඳහන් කළා.
ඒ මහතා සඳහන් කරන්නේ නිවාඩු දිනයක් කළ බදාදා දිනය පදිරි ඉදිරියේ දී නැවත වැඩ කරන දිනයක් බවට පත් කිරීමට කටයුතු කළ හැකි බවත් QR ක්‍රමයට ඉන්ධන ලබාදීමේ ක්‍රමවේදය මෙන්ම ඔත්තේ ඉරට්ටේ ක්‍රමවේදය ද ඉවත් කරමින් සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කිරීමට හැකි බවත්ය.
“දැනටමත් අපි අලුත් ක්‍රමවේද හඳුන්වලා දුන්නා. මුල් සතිය දෙකේ යම් අමාරුකම් තිබුණා ඒක ඇත්ත. පොලින් ආවා. QR හඳුන්වලා දුන්නා, ඔත්තේ ඉරට්ටේ කළා. බදාදා දිනය නිවාඩු දිනයක් කළා. යම් යම් ක්ෂණික ක්‍රියාමාර්ග ගත්තා. දැන් අපි පොලින් නැති කළා. දැන් QRඑක හොඳට යනවා. ඔත්තේ ඉරට්ටේ හොඳට යනවා. තව ටික දවසක් යද්දි ඒක එපා නම් අපි ඒක අයින් කරමු. අපි ලැස්ති ඒකට. බදාදා නිවාඩු දිනයත් දිගටම තියා ගන්න ඕනේ නෑ. කළමනාකරණය කරාට පස්සේ අවශ්‍ය මොහොතේ දී වැඩ පටන්ගමු. ඒ වෙලාවේ ඇති වු තත්ත්වයට මුහුණ දෙන්න අපි ඒක කළා. එනවා කිව්ව නැව් ටික එක පාර එන්න බෑ කිව්වා. සැපයුම් දුන්නේ නෑ. ඒකයි ඒ වගේ කළේ. නමුත් බය වෙන්න එපා තව නැව් 9ක් අප්‍රේල් වල එන්න නියමිතයි…”








Leave a Reply