ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සඳුදා දිනයේ පැවැත්වෙන කිසිඳු රැස්වීමකට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පවසන්නේ මහජන දිනය ලෙස වෙන්කර ඇති සඳුදා දිනවල විවිධ අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන සහ දේශපාලන අධිකාරිය විසින් භෞතිකව හෝ මාර්ගගත ක්‍රමය ඔස්සේ රැස්වීම් පැවැත්වීම හේතුවීමේ දී ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතුවලට සහ මහජනතාවට සිදුවන අපහසුතාවන් සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගෙන ඇති බවයි.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 27/2023 අනුව මහජන දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇති දිනයේ තමන් හමුවීමට පැමිණෙන මහජනතාවගේ ගැටළු විසඳීමට කාර්යාලයේ රැඳී සිටීම අනිවාර්ය කර තිබෙනවා.
ඊට අමතරව කිසිඳු නිල රැස්වීමක් නොපැවැත්විය යුතු බවටද උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
එම සංගමය වැඩිදුරටත් පවසන්නේ අදාළ සියලු කරුණු සැලකිල්ලට ගෙන හෙට (08) දිනයේ සිට මෙම තීරණය ගත් බවයි.







Leave a Reply