ප්‍රධාන මාර්ගයේ සහ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතර දුම්රිය පීලී පැනීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බවයි.
කොළඹ කොටුවේ සිට නානුඔය දක්වා ධාවනය වූ දුම්රිය ඊයේ (15) රාත්‍රී මෙලෙස පිලී පැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.
මේ අනුව කොළඹ කොටුව සිට – බදුල්ල බලා ධාවනය වන දුම්රිය හැටන් දුම්රිය ස්ථානය දක්වා සීමා කර ඇති අතර ඊට අමතරව බදුල්ල සිට කොටුව බලා ධාවනය වන දුම්රිය නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ බස්රථ මඟින් දුම්රිය ස්ථාන දෙක අතර මඟින් හුවමාරු කිරීමට කටයුතු කරන බවයි.
Leave a Reply