Loading...

වයඹ පළාත් ප්‍රධාන ලේකම් තනතුරින් දොට්ට

වයඹ පළාත් සභාවේ ප්‍රධාන ලේකම් රංජිත් ආරියරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ගෙන තිබෙනවා.

ඔහු සම්බන්ධයෙන් ලැබී තිබූ චෝදනා සහ පැමිණිලි සැලකිල්ලට ගෙන ජනාධිපති ලේකම් කාර්යාලය විසින් ඔහු එම තනතුරෙන් ඉවත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුට එල්ල වී ඇති චෝදනා වන්නේ වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ සහ වයඹ පළාතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලනඥයින් නියෝග සහ ඉල්ලීම් නොසලකා හැරීම යන කරුණු සම්බන්ධවයි.

කෙසේ වෙතත් මෙවැනි චෝදනා කිසිවකට රංජිත් ආරියරත්න මහතා සම්බන්ධ නොමැති බැවින් ඔහු තනතුරෙන් ඉවත් නොකරන ලෙස වයඹ පළාතේ උසස් රාජ්‍ය නිලධාරීන් පිරිසක් වයඹ පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලීමක් කර ඇති බවද වාර්තා වනවා.

කෙසේ වෙතත් ප්‍රධාන ලේකම් තනතුරෙන් ඉවත් කරන ලද ආරියරත්න මහතා ඒ වෙනුවට කුමන තනතුරකට පත් කළාදැයි යන්න මේ දක්වා ප්‍රකාශ වී නැහැ.

මේ ආකාරයට දිවයිනේ පළාත් සභාවකට පත් කරන ලද ප්‍රධාන ලේකම්වරයෙකු නියමිත සේවා කාලයට පෙර එම තනතුරෙන් ඉවත් කරනු ලැබූ පළමු අවස්ථාව මෙය වනවා.

මෙම ඉවත් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගේ සංගමය ද විරෝධය පළකළ කර ඇති බවද වාර්තා වනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *