Loading...

ආපදා මරණ ගණන තවත් ඉහළට

අයහපත් කාලගුණය හේතුවෙන් දිවයින පුරා සිදුවූ ආපදා තත්ත්වය හේතුවෙන් සිදුවූ පුද්ගල මරණ 390ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ ආපදා තත්ත්වය හේතුවෙන් තවත් පුද්ගලයින් 352 දෙනෙක් අතුරුදහන්ව ඇති බවයි.

තවද පවුල් 382651ක පුද්ගලයින් 1373899 දෙනෙකු මෙම ආපදාවෙන් පීඩාවට පත්ව ඇති බව සඳහන්.

නිවාස 432ක් පුර්ණ වශයෙන් හානියට පත්ව තවත් නිවාස 15688ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව දිවයින පුරා සුරක්ෂිත මධ්‍යස්ථාන 1368ක පවුල් 57790ක පුද්ගලයින් 204597ක් රැඳී සිටින බවද එම මධ්‍යස්ථානය සඳහන් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *