Loading...

දික්වැල්ලගේ ක්‍රිකට් තහනම ලිහිල් වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට පනවා තිබූ වසර 3ක් ක්‍රිකට් තහනම මාස 3ක් දක්වා අඩු කර තිබෙනවා.

මේ අනුව අද (11) සිට ඔහුට සියලුම ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිවනු ඇති.

පසුගිය වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දී තහනම් උත්තේජක ලබාගත් බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

මෙම තහනමට එරෙහිව දික්වැල්ල සිය නීතිඥවරුන් මඟින් අභියාචනයක් ඉදිරිපත් කළා.

අදාළ අභියාචනය අනුව දික්වැල්ලට මෙම සහනය ලැබී තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *